Update: මීතොටමුල්ල සුරක්ෂිත කරන්න ජපන් තාක්ෂණික සහය

Update: මීතොටමුල්ල සුරක්ෂිත කරන්න ජපන් තාක්ෂණික සහය

31
0

මීතොටමුල්ල කසළ කන්ද වටා ආරක්ෂක බැමි ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. කුණු කන්ද නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ සිටින ජපන් විශේෂඥ කණ්ඩායමේ උපදෙස් මතයි මෙම කටයුතු සිදුකෙරෙන්නේ.

දිවයිනට පැමිණ සිටින ජපාන විශේෂඥ කණ්ඩායම දෙවන දිනටත් අද මීතොටමුල්ල කුණු කන්දේ නිරීක්ෂණ කටයුතු සිදුකළා. කුණු කන්ද නායයාමට බලපා ඇති හේතු සහ තවදුරටත් එහි අවදානම් තත්ත්වයක් පවතීද යන්න පිළිබඳ ඔවුන්ගේ විශේෂ අවධානය යොමුවුණා. කුණුකන්දේ මීතේන් අගය 16%ක් ලෙස වාර්තා වී තිබෙනවා. එය ඉතා අවදානම් තත්වයක් බවයි පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ.

මෙම ජපන් විශේෂඥ කණ්ඩායමට පරිසරවේදීන්, භූ විද්‍යාඥයින්, කසල කළමනාකරණය පිළිබඳ විශේෂඥයින් රැසක් ඇතුළත්. ඔවුන් මේ මස 25 වනදා දක්වා මෙරට රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

………………………………….

මීතොටමුල්ල කසළ කන්ද වටා ආරක්ෂක බැමි ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි අප වාර්තාකරු සුනෙත් හේවාවිතාරණ පවසනවා. කුණු කන්ද නිරීක්ෂණය කිරීම සදහා පැමිණ සිටින ජපන් විශේෂඥ කණ්ඩායමේ උපදෙස් මත මෙම කටයුතු සිදු කෙරෙනවා. ජපන් විශේෂඥ කණ්ඩායම  තවදුරටත් නිරීක්ෂණ කටයුතු සිදු කරන බවයි සුනෙත් හේවාවිතාරණ පවසන්නේ.

…………………………….

දිවයිනට පැමිණි ජපානයේ විශේෂ තාක්ෂණික කණ්ඩායම මීතොටමුල්ල කුණු කන්ද නායයාමේ සිදුවීම පිළිබඳ සොයාබැලීමේ පරීක්ෂණ ආරම්භ කළා. මේ සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් කෙසේ සකස්විය යුතුද යන්න පිළිබද ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීමද අපේක්ෂාවයි.

මීතොටමුල්ල කුණු කන්ද නායයාම පිළිබඳ සොයා බැලීමට සහ කසල ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සඳහා සහායදීමට ජපානයේ විශේෂ තාක්ෂණික කණ්ඩායම දිවයිනට පැමිණ සිටිනවා. මීතොටමුල්ල කුණු කන්ද පරිශ්‍රයට ගිය මෙම කණ්ඩායම එම ප්‍රදේශය නිරීක්ෂණය කළා. ජපාන ශ්‍රී ලංකාව මිත්‍රත්වය තහවුරු කරමින් මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට දක්වන උපරිම සහායක් ලෙසයි මෙම කණ්ඩායම දිවයිනට පැමිණියේ. මේ සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් සකස්විය යුතු ආකාරය පිළිබඳව ද මෙම තාක්ෂණික කණ්ඩායම සොයා බැලීම සිදුකරනවා.

NO COMMENTS

LEAVE A REPLY