මීතොටමුල්ල නිවාස අහිමිවූවන්ට ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් නව නිවාස

මීතොටමුල්ල නිවාස අහිමිවූවන්ට ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් නව නිවාස

33
0

මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති නිවාස ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියා.

මීතොටමුල්ල ව්‍යසනයෙන් නිවාස අහිම වූ පවුල් අනූඅට සඳහාම නිවාස ලබා දීමට රජය මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා. මුල් අදියර යටතේදී නිවාස ලබා ගැනීමට කැමැත්ත පළකර ඇති පවුල් තිහක් වෙනුවෙන් අද මෙලෙස ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා එක්ව නිවාස ලබා දුන්නා. මෙම නිවාස වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 3,920ක්. ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවාස ලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක මුදලක් ලබා දීම ද සිදුකෙරෙනවා. අහිමි වූ නිවාසවල තක්සේරු කටයුතු අවසන් වීමෙන් අනතුරුව වැඩි වටිනාකමක් පවතින්නේ නම් නිවාසවලට අමතරව එම පවුල් වෙත මුදල් ලබා දීමට ද කටයුතු කරන බවයි රජය පවසන්නේ. මැතිඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

NO COMMENTS

LEAVE A REPLY