Update: මීතොටමුල්ලේ නාය යාමෙන් හානියට පත් දහම්පුර සහ පන්සල්වත්ත වැසියන්ගේ නිවාස ණය...

Update: මීතොටමුල්ලේ නාය යාමෙන් හානියට පත් දහම්පුර සහ පන්සල්වත්ත වැසියන්ගේ නිවාස ණය කපා හැරේ

22
0

ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඒ පිළිබද මාධ්‍යවේදීන් දැනුවත් කළා. ඒ අනුව අවදානම් කලාපයේ සිටින පවුලකට මාස තුනක් දක්වා, මසකට රුපියල් 50,000 බැගින් දීමනාවක් ලබාදීමට රජය තීරණයකර තිබෙනවා. මාධ්‍ය හමුවට නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, අමාත්‍යාංශ ලේකම් එස් මියනවල ද මාධ්‍ය හමුවට එක්ව සිටියා.

මීතොටමුල්ල කසළ කන්ද ප්‍රදේශයේ දහම්පුර සහ පන්සල්වත්ත වැසියන්ගේ නිවාස ණය කපා හැරීමට රජය තීරණය කර ඇතැයි මෙහිදී අමාත්‍යවරයා කියාසිටියා.

ව්‍යසන සදහා මෙතරම් වන්දි ගෙවූ රජයක් තවත් නැති බවද මෙහිදී අමාත්‍යවරයා හෙලිකළා.

……………………………………

මීතොටමුල්ල අවදානම් කලාපයේ ජනතාවට මසකට රුපියල් 50,000ක දීමනාවක්

මීතොමුල්ල කසළ කන්දට සමීප දහම්පුර සහ පන්සල්වත්ත යන ගම්මානවල වැසියන්ගේ නිවාස ණය කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මේ බව හෙළි කළා.

………………………………..

මීතොටමුල්ල කුනු කන්ද නායයාමෙන් අවතැන් වූ පවුල් 60ක් සඳහා නිවාස ලබාදීම අද සිදුවනවා. අවදානම් කලාපයේ රැඳීසිටින ජනතාවට මාස තුනක් දක්වා , මසකට රුපියල් පනස්දහස බැගින් දීමනාවක් ලබාදීමට ද රජය තීරණයකර ඇති බවයි අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසන්නේ. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද , අමාත්‍යාංශ ලේකම් එස් මියනවල යන අයද මෙම අවස්ථාවට එක්ව සිටියා.

NO COMMENTS

LEAVE A REPLY