මිනිමුතු මෝරෙකු ඇල්ලු ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

මිනිමුතු මෝරෙකු ඇල්ලු ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

9
0

ලොව විශාලතම මත්ස්‍යයා ලෙස හැදින්වෙන මිනිමුතු මෝරෙකු අල්ලා ගත් ධීවරයින් පිරිසක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලෝ 70ක් බරැති මෙම මත්ස්‍යයා නීති විරෝධී ලෙස අල්ලා විකිණීමටයි අදාළ පුද්ගලයින් තැත් කර තිබෙන්නේ. නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 30,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් 50,000ක ශරීර ඇප මත නිදහස් කරනු ලැබුවා. වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින මිනිමුතු මෝරා නමැති මෙම මත්ස්‍යය විශේෂය සංරක්ෂිත මත්ස්‍යයෙකු ලෙස ඉන්දීය ටූනා කොමිසන් සභාව නම් කර ඇති බව නාරා ආයතනය සදහන් කරනවා.

NO COMMENTS

LEAVE A REPLY