මරියා, වර්ජින් දූපත් සහ පුවටෝ රිකෝ රාජ්‍යයන්ට ඇතුළු වෙයි

මරියා, වර්ජින් දූපත් සහ පුවටෝ රිකෝ රාජ්‍යයන්ට ඇතුළු වෙයි

17
0

මරියා චණ්ඩ මාරුතය වර්ජින් දූපත් සහ පුවටෝ රිකෝ යන රාජ්‍යයන්ට ඇතුළු වී තිබෙනවා. සුළි කුණාටුවෙන් ඊයේ දිනයේදී ඩොමිනිකා රාජ්‍යය දැඩි බලපෑම් එල්ලවුණා. එහි ප්‍රබලතාව යම් පමණකට අවම වුවද, පසුව එය යළි වර්ධනය වී පැයට කිලෝමීටර් 280ක වේගයෙන් හමා ආ බව සඳහන්.

ඇමෙරිකාවට අයත් පුවටෝ රිකෝ දිවයිනේ ජනතාවට ආරක්ෂිත ස්ථානකරා ගමන් කරන ලෙස එරට බලධාරීන් දැනුම් දුන්නා. සුළි කුණාටුව සමග හටගන්නා අධික වර්ෂාපතනයෙන් ගංවතුර සහ නායයාම් අවධානමක් පවතින බව කාලගුණ අංශ පෙන්වා දෙනවා. මරියා චණ්ඩ මාරුතය හේතුවෙන් වර්ජින් දිවයින්වල සන්නිවේදන කටයුතු බිඳවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

NO COMMENTS

LEAVE A REPLY