මරියා චන්ඩ මාරුතයෙන් ඩොමිනිකා රාජ්‍යයට දැඩි බලපෑම්

මරියා චන්ඩ මාරුතයෙන් ඩොමිනිකා රාජ්‍යයට දැඩි බලපෑම්

15
0

මරියා චන්ඩ මාරුතය හේතුවෙන් ඩොමිනිකා රාජ්‍යයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මීට පැය කිහිපයකට පෙරයි මරියා චණ්ඩ මාරුතය ඩොමිනිකා රාජ්‍යය වෙත ළගා වුණේ. පළමුව සුළි කුණාටුවක් ලෙස පැවති මෙය පසුව චණ්ඩ මාරුතයක් දක්වා වර්ධනය වුණා. පැයට කිලෝමීටර් 250ක වේගයෙන් එම රාජ්‍යය හරහා සුළං හමා යමින් පවතිනවා. ප්‍රදේශ රැසකට තද වැසි හා නායයාම් ද ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නිවාස හා රථවාහන වලට මෙන්ම දේපළ රැසකට ද හානි සිදු වුණා.

 

NO COMMENTS

LEAVE A REPLY