මධ්‍යධරණී මුහුදේ අතරමංවූ සංක්‍රමණිකයන් පිරිසක් බේරා ගැනේ

මධ්‍යධරණී මුහුදේ අතරමංවූ සංක්‍රමණිකයන් පිරිසක් බේරා ගැනේ

17
0

ලිබියා වෙරළාරක්ෂක හමුදාව මධ්‍යධරණී සාගරයේ අතරමංව සිටි සංක්‍රමණිකයන් 75 දෙනෙකු බේරා ගැනීමට සමත් වුණා. ඒ අතර කාන්තාවන් දහනව දෙනෙකු සහ කුඩා දරුවන් සිව් දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන්ට අවශ්‍ය වෛද්‍යාධාර ලබාදිම සදහා ට්‍රිපෝලි නාවික හමුදා කදවුරට රැගෙන ගොස් තිබෙනවා. ට්‍රිපෝලි අගනගරයට කිලෝමීටර් 80ක් බටහිරින් පිහිටි වෙරළබඩ නගරයක් වන සබ්රාතා, මිනිස් ජාවාරම්වලට ප්‍රකට හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස සැළකෙනවා. දේශීය සහ විදේශීය සංවිධානවල පාලනය සහ නිරීක්ෂණය ද නොතකා එය සිදුවන බව සදහන්.

 

NO COMMENTS

LEAVE A REPLY