බැසිල්ට අයත් මල්වානේ ඉඩම වෙන්දේසිය තාවකාලිකව අත්හිටුවයි

බැසිල්ට අයත් මල්වානේ ඉඩම වෙන්දේසිය තාවකාලිකව අත්හිටුවයි

27
0

හිටපු අමාත්‍යවරයෙකු වූ බැසිල් රාජපක්‍ෂට අයත් බව කියන මල්වාන ඉඩම වෙන්දේසි කිරීම තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කළා.

මල්වානේ පිහිටි මෙම ඉඩම මහජන සුබසිද්ධිය සදහා යෙදවීමට කටයුතු කරන බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා. මෙම නඩුවට අදාලව මෝසමක් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේ දීයි. මෙම ඉඩම වෙන්දේසි කිරීමට නියමිතව තිබු‍ණේ ලබන 29වනදායි. එම වෙන්දේසිය අත්හිටුවන ලෙසයි පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර නියෝග කළේ. ඉඩමට අදාල තීන්දුව ලබන 23වනදා ප්‍රකාශයට පත්කරන බවද මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා. අක්කර දහසයකින් සමන්විත මෙම ඉඩමේ වටිනාකම රුපියල් විසිකෝටි අසූ ලක්‍ෂයක් ලෙසටයි තක්සේරු කර තිබෙන්නේ.

NO COMMENTS

LEAVE A REPLY