බස් රථයක් හා ත්‍රීරෝද එකට ගැටේ – දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

බස් රථයක් හා ත්‍රීරෝද එකට ගැටේ – දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

19
0

තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.ලංගම බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ, ත්‍රීරෝද රථය ගැටීමෙන් එහි ගමන් ගත් පිය පුතු දෙදෙනා ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි ‍පොලීසිය පවසන්නේ. හතළිස් හැවිරිදි පියා තැපැල් ස්ථානාධිපතිවරයෙකු වන අතර මිය ගිය පුතුගේ වයස අවුරුදු 6ක්. බස් රථයේ රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY