බස්රථවලට ප්‍රමුඛතා මංතීරු ක්‍රමවේදය අනිද්දා සිට යලි ඇරඹේ

බස්රථවලට ප්‍රමුඛතා මංතීරු ක්‍රමවේදය අනිද්දා සිට යලි ඇරඹේ

19
0

බස්රථවලට ප්‍රමුඛතා මංතීරු ක්‍රමවේදය අනිද්දා සිට යලි ආරම්භ කිරිමට නියමිතයි. පොදු මහජනතාවගේ ගමන් පහසුව ක්‍රමවත් කිරිමත් ජනතාව පොදු ප්‍රවාහන සේවය සදහා යොමු කිරිමත් මෙහි අරමුණයි.කොළඹ නගරයේ ගාලු පාරේ සහ බත්තරමුල්ල මාර්ගයේ බස් රථ සදහා ප්‍රමුඛතා මංතීරු ස්ථාපනය කිරිම ලබන අගහරුවාදා සිට ආරම්භ කිරිමට නියමිතයි. ඒ යටතේ ගාලු පාරේ මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්ද දක්වාත් සැවෝයි සිනමා ශාලාව අසල සිට බම්බලපිටිය දක්වා මාර්ගයේත් බස් රථ ප්‍රමුඛතා මංතීරු ආරම්භ වෙනවා. කටුබැද්ද මංසන්දියේ සිට මැලිබන් හන්දිය දක්වා බස් රථ මංතීරු ක්‍රමවේදය ආරම්භ වන්නේ ලබන 22 වෙනිදා සිටයි.

බත්තරමුල්  මාර්ගයේ මංතීරු ක්‍රමවේදය මේ මස 29 වෙනිදා දියත උයන හෙවත් පොල්දුව මන්සන්දියේ සිට රාජගිරිය ආයුර්වේද මන්සන්ධිය දක්වා සිදු කෙරෙනවා. එදිනම පුරහල සහ තුන්මුල්ල  අතර ප්‍රමුඛතා මංතීරු ආරම්භ කිරිමට නියමිතයි. සැප්තැම්බර් පස් වෙනිදා සිට මරදාන, පිටකොටුව, කොටුව, කොම්පඥ්ඥ වීදිය අතර මෙම ක්‍රමවේදය ආරම්භ කෙරෙනවා. සැප්තැම්බර් 12 වෙනිදා සිට කොම්පඥ්ඥ වීදිය පිටකොටුව අතරත් තිස් වෙනිදා බොරැල්ල සිට මරදාන දක්වාත් මංතීරු ක්‍රමවේදය ක්‍රියාත්මකයි. මෙම මංතීරු වලට පෙවවරු 6 සිට 9 දක්වා ඇතුළු විය හැක්කේ සියලු මගි ප්‍රවාහන බස්රථ හා පාසැල් වැන් රථ වලට පමණියි. මේ සදහා ශ්‍රී ලංකා පොලිසිය , මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය, මොරටුව විශ්විද්‍යාලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිසම, කොළඹ නගර සභාව , මාර්ග සංවර්ධන අධිකාරය, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය එක්ව කටයුතු කරනවා.තවත් අවුරුදු තුනකින් එනම් දෙදාහස් විස්ස පමණ වන විට ඇති වන රථ වාහන තද බදයට පිලිතුරු සෙවීමද මේ හරහා සිදු කිරිමට අපේක්ෂිතයි. දෙදාහස් විස්ස වන විට කොළඹ නගර සීමාවේ රථ වාහන ගමන් කල හැකි උපරිම වේගය පැයට කිලෝමිටර් හය පමණ දක්වා අඩු විය හැකි බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. කොළඹ නගර සිමාවට රථ වාහන ඇතුළු විම දිනෙන් දින ඉහළ යාමේ තත්ත්වයට විකල්පයක් ලෙස පොදු ප්‍රවාහනය ඉහළ නැංවිය යුතුයි.

NO COMMENTS

LEAVE A REPLY