බද්දේගම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබද තොරතුරු හෙළිවෙයි

බද්දේගම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබද තොරතුරු හෙළිවෙයි

17
0

බද්දේගම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබද තොරතුරු හෙළිව තිබෙනවා. පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.බද්දේගම , ගොඩවත්ත දකුණ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ නිදාසිටි පුද්ගලයෙකුයි වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ.

 දොරගුලු කඩා නිවසට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකළ බව සඳහන්. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය රෝහලට මාරුකර යවා තිබෙනවා. ඔහු මේ වන විටත් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි වාර්තාවන්නේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබද තොරතුරු හෙළිව ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

NO COMMENTS

LEAVE A REPLY