බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගය හෙට

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගය හෙට

20
0

බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ සිය වන ටෙස්ට් ක්‍රිකට් තරගය පී සරවනමුත්තු ක්‍රීඩාංගනයේදී හෙට ආරම්භ වනවා. මෙය සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයයි. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් සැලසුම් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් සිටින බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ටෙස්ට් ක්‍රිකට් නායක රංගන හේරත් කියාසිටියේ.අද හෝ හෙට උදෑසන හෝ කණ්ඩායම නම් කරන බව ද රංගන හේරත් කියාසිටියා.

ටෙස්ට් තරගාවලිය එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාවයි. දෙරට අතර එක්දින තරග 3ක් ද 20-20 තරග දෙකක් ද පැවැත්වෙනවා.

NO COMMENTS

LEAVE A REPLY