බංග්ලාදේශයෙන් නිදහස් වුවහොත් හතුරුසිංහට ශ්‍රී ලංකාව

බංග්ලාදේශයෙන් නිදහස් වුවහොත් හතුරුසිංහට ශ්‍රී ලංකාව

17
0

චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා භාර දුන්නා. එහෙත් එරට ක්‍රිකට් ආයතනය එම ලිපිය මෙතෙක් පිළිගෙන නැති බවයි වාර්තා වන්නේ. බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණය කරා රැගෙන ගිය පුද්ගලයා ලෙසයි හතුරුසිංහ මහතා සැලකෙන්නේ. ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව කුමක්දැයි හතුරුසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන්කර නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතාව බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් නිදහස් කරන ලෙස මෙතෙක් ඉල්ලීමක් කර නැහැ. බංග්ලාදේශය හතුරුසිංහ මහතාගේ ඉල්ලීම පිළිගත් පසු ඔහු මෙරට ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරන්නේ දැයි විධායක කමිටුවට යොමුකර තීරණය කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. මේ වන විට පුහුණුකරුවන් හතර දෙනෙකු සමග ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා සාකච්ඡා කරමින් ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියා. වැඩබලන ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු නික් පෝතාස් මහතා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිටින්නේ ඉන්දීය තරග සංචාරයක නිරතවයි.

 

NO COMMENTS

LEAVE A REPLY