පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක් වූ ජාතික බොක්සිං කණ්ඩායම දිවයිනට

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක් වූ ජාතික බොක්සිං කණ්ඩායම දිවයිනට

13
0

ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව දිනා ගත් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක් වූ ජාතික බොක්සිං කණ්ඩායම දිවයිනට පැමිණියා.

තරගාවලියේදී බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් වුණා. එහිදී අනූෂා කොඩිතුවක්කු ඉතිහාසයේ පළමු වරට බොක්සිං ක්‍රීඩිකාවක් ලෙස දිවයිනට පදක්කමක් හිමි කර දුන්නා. වසර හැට අටකට පසුවයි මෙවැනි පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීමට ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම සමත් වුණේ. ඔවුන් කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයින්ට පැමිණි අවස්ථාවේ ඔවුන්ව පිළිගැනීමට ජාතික බොක්සිං සංගමයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී සී බී රත්නායක මහතාද ඔවුන් පිළිගැනීමට එක්වුණා.

NO COMMENTS

LEAVE A REPLY