පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව අද දිවයිනට

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව අද දිවයිනට

10
0

21වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව අද දිවයිනට රැගෙන ආවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් දිවයිනට රැගෙන ආ ගිනි සිළුව පිළිගත්තේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතායි. එම අවස්ථාවට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියා.

මේ වන විට පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතට පත්කිරීමට සූදානම් වනවා. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව මෙරට රාජ්‍ය නායකයෙකු අතට පත්කරන පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වන්නේ. ගිනිසිළුව හෙට දිනයේ සිට දිවයින පුරා ගෙන යාමට නියමිතයි. 2018 වසරේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කොස්ට් හිදී පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY