පාණ්ඩ්‍යාට දුන්නේ විවේකයක්

පාණ්ඩ්‍යාට දුන්නේ විවේකයක්

7
0

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට නම් නොකළේ ඔහුගේ ඉල්ලීමකට අනුව බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. කණ්ඩායම් කළමනාකරණය යටතේ පාණ්ඩ්‍යාට විවේකයක් ලබා දීමට තීරණය කළ බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. පසුගිය මාස පහක කාලය තුළ ඔහු පන්දුවාර 140කට වඩා යවා තිබෙනවා.

එක්දින තරග 30කටත්, ටෙස්ට් තරග තුනකට සහ පන්දුවාර 20-20 තරග 25කට පසුගිය වසර එකහමාර තුළ තමන් ක්‍රීඩා කර ඇති බවයි පානඩ්‍යා පවසන්නේ. සිය ශරීර යෝග්‍යතාව පවත්වා ගැනීමේ අරමුණෙන් විවේකයක් ලබා දෙන ලෙස තේරීම් කමිටුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කණ්ඩායම් කළමනාකරීත්වය සමගත් සාකච්ඡා කර ඔහුට විවේකයක් ලබා දීමට තීරණය කළ බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අනිද්දා ආරම්භ වීමට නියමිතයි.

NO COMMENTS

LEAVE A REPLY