පාකිස්ථාන අගමැතිට හා පවුලේ සාමාජිකයන්ට එල්ලවී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක්

පාකිස්ථාන අගමැතිට හා පවුලේ සාමාජිකයන්ට එල්ලවී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක්

16
0

පාකිස්ථාන අගමැති නවාෂ් ෂරීෆ් ධුරයෙන් පහ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එල්ලවී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ඔහුගේ දරුවන් තිදෙනෙකුට රටින් පිටත බැංකු ගිණුම් ඇති බව පැනමා ලේඛන මඟින් අනාවරණය වීමත් සමඟයි අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් විදේශයන්හි ව්‍යාපාර කටයුතුවල නිරතවීම පිළිබඳ චෝදනා එල්ලකෙරුනේ. එහෙත් අගමැති ෂරීෆ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා. ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කෙරුණ ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුවට අනුව අදාල චෝදනා විභාග කිරීමට ඒකාබද්ධ පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමට නියමිතයි.

 

NO COMMENTS

LEAVE A REPLY