Update: ප්‍රංශ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS භාර ගනී

Update: ප්‍රංශ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS භාර ගනී

24
0

ප්‍රංශයේ පැරස් නුවරදී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් නිළධාරීන් ගමන් ගත් බස් රථයක් ඉලක්ක කරගෙනයි ප්‍රහාරය එල්ල වුණේ. ප්‍රහාරය සිදුකළ තැනැත්තා ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද ප්‍රතිප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරයත් සමඟ ෂම්ස් එලිසි ප්‍රදේශය තහනම් කළාපයක් ලෙස නම්කෙරුණා. ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඔලොන්ඩ් කියා සිටියේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවයි. IS ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා. එළඹෙන ඉරිදා පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී මෙම ප්‍රහාරය එල්ලවීම විශේෂත්වයක්.

……………………………………………

ප්‍රංශයේ වෙඩි තැබීමකින් එක් අයෙක් මරුට – දෙදෙනෙකුට තුවාල

ප්‍රංශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් නිළධාරීන් ගමන් ගත් බස් රථයක් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කර බව පැවසෙනවා. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා පොලිස් නිළධාරියෙකු බවයි වාර්තා වන්නේ. මෝටර් රථයකින් පැමිණි  නාඳුනන තුවක්කු කරුවකු විසින් වෙඩි තැබීම සිදු කල බව එරට පොලීසිය සඳහන් කළා. ප්‍රහාරයත් සමඟ ෂම්ස් එලිසි ප්‍රදේශය තහනම් කළාපයක් ලෙස පත් කෙරුණා. ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඔලොන්ඩ් කියා සිටියේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් විය හැකි බවයි. IS ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY