නොර්වේ රාජ්‍ය ලොව ප්‍රීතිමත් ම රට බවට පත් වෙයි

නොර්වේ රාජ්‍ය ලොව ප්‍රීතිමත් ම රට බවට පත් වෙයි

42
0

ලෝකයේ සතුටින්ම සිටින පුද්ගලයින් වෙසෙන රට ලෙස නොර්වේ රාජ්‍ය නම් කර තිබෙනවා. එක්සත් ජාතින්ගේ අනුබද්ධ ආයතනයක් නිකුත් කළ වාර්තාවක ජනතාව සතුටින්ම සිටින රට ලෙස නොර්වේ රාජ්‍යය නම් කර තිබෙනවා. එම ආයතනය පසුගිය වසරේ නිකුත් කළ වාර්තාවේ දී නෝර්වේ රාජ්‍යයට හිමිවුයේ හතරවන ස්ථානයි.

මෙවර දෙවන ස්ථානය හිමිව තිබෙන්නේ ඩෙන්මාර්කයයි. අයිස්ලන්තය, ස්විස්ටර්ලන්තය, ෆින්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ස්වීඩනය මෙම අනුපිළිවෙලේ පළමු ස්ථාන දහය අතරට එක්ව සිටිනවා. ඇමරිකාවට හිමිව ඇත්තේ දාහතරවන ස්ථානයයි. ලෝකයේ අසතුටින්ම ජනතාව සිටින රටවල් ලෙස සිරියාව සහ ලෙබනනය නම් කර තිබෙනවා. රටවල් 155ක් යොදාගනිමිනුයි වාර්තාව සකස්කර තිබෙන්නේ. මෙය සකස් කිරීමේදී අධ්‍යාපනය, පරිසරය, සෞඛ්‍ය, ආදායම ආදී කරුණු පදනම් කරගෙන ඇති බව සදහන්.

NO COMMENTS

LEAVE A REPLY