නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරියටත් (Photos)

නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරියටත් (Photos)

11
0

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරියටත් පවත්වාගෙන යාම පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි.

මෙහිදී 2018 වසර සදහා රෝහල්වලට අවශ්‍ය අක්ෂි කාච ප්‍රමාණය සහ නිර්දේශීත අක්ෂි කාච වර්ගය තෝරා අමාත්‍යාංශයට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ට මෙහිදී දැනුම් දෙන ලදි. අක්ෂි සැත්කම් සදහා අවශ්‍ය අක්ෂි කාච ඉතා උසස් මෙන්ම ගුණාත්මකභවින් යුත් ඒවා විය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. අක්ෂි කාච නොමිලේ ලබාදීමේ වැඩපිළීවෙලට පුර්ණ සහයෝගය ලබාදෙන බවත්, රෝහල්වල අක්ෂි කාච නොමැති අවස්ථාවල දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල මගින් ඒවා කඩිනමින් සැපයීම අගය කරන බවත් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් මෙහිදී පැවැසූහ. අක්ෂි ශල්‍ය සැත්කම් සදහා අවශ්‍ය පෙකෝ යන්ත්‍ර කඩිනමින් රෝහල්වලට ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය. විෂන් 2020 වැඩසටහන යටතේ සකස් කරන ලද ජංගම අක්ෂි රථය සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරගෙන ජංගම අක්ෂි සායන ආරම්භ කිරීමට ද මෙහිදී තීරණය කෙරුණි.මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපතිනී මධුවන්ති දිසානායක මහත්මිය ඇතුලු නිලධාරී මණ්ඩලය එක්ව සිටියහ.

 

23172400_10155433312294130_3713487422967220295_n 23231205_10155433312559130_7808956845060394629_n 23318973_10155433312269130_7474730653108120196_n

NO COMMENTS

LEAVE A REPLY