නැට්වෙස්ට් බ්ලාස්ට් 20-20 ක්‍රිකට් තරගාවලියේ මිඩ්ල්ස්එක්ස් සහ සමර්සෙට් කණ්ඩායම් අතර තරගයේ ජය...

නැට්වෙස්ට් බ්ලාස්ට් 20-20 ක්‍රිකට් තරගාවලියේ මිඩ්ල්ස්එක්ස් සහ සමර්සෙට් කණ්ඩායම් අතර තරගයේ ජය සමර්සෙට් කණ්ඩායමට

14
0

නැට්වෙස්ට් බ්ලාස්ට් 20-20 ක්‍රිකට් තරගාවලියේ මිඩ්ල්ස්එක්ස් සහ සමර්සෙට් කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු විසි එකකින් ජය ගැනීමට සමර්සෙට් කණ්ඩායම සමත්වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සමර්සෙට් කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු නවයක් දැවී ලකුණු 207ක් රැස් කළා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පීටර් ට්‍රේගෝ ලකුණු 59යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මිඩ්ල්ස්එක්ස් කණ්ඩායමට සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 186ක් පමණයි. පන්දු යැවීමේදී ක්‍රෙග් ඕවර්ටන් කඩුලු තුනක් බිඳ හෙලුවා. මෙම ජයග්‍රහණයත් සමග සමර්සෙට් කණ්ඩායමට තරගාවලියේ ප්‍රසාද ලකුණු දෙකක් හිමිවුණා.

 

 

NO COMMENTS

LEAVE A REPLY