දේශගුණ විපර්යාසවලට එරෙහි විරෝධතාවකදී ඇමෙරිකා නීතිඥවරයෙකු සිය දිවි හානිකර ගනී

දේශගුණ විපර්යාසවලට එරෙහි විරෝධතාවකදී ඇමෙරිකා නීතිඥවරයෙකු සිය දිවි හානිකර ගනී

10
0

දේශගුණ විපර්යාසවලට එරෙහි විරෝධතා ව්‍යාපාරයකදී ඇමෙරිකා නීතිඥවරයෙකු සිය දිවි හානිකරගෙන තිබෙනවා. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර උද්‍යානයක පැවති විරෝධතාවකදී සිරුරට ගිනිතබා ගනිමිනුයි ඔහු සිය දිවි හානිකරගෙන ඇත්තේ. 60 හැවිරිදි ඩේවිඩ් බකෙල් නමැති නීතිඥවරයා පොසිල ඉන්ධන භාවිත කිරීමට විරෝධය පාමින් සිය සිරුරට ගිනි තබා ගත්තා.

පොසිල ඉන්ධන භාවිතය නිසා පෘථිවියේ පැවැත්මට දැඩි හානි සිදුවන බවට මිය යාමට පෙර ඔහු සටහනක් තබා තිබෙනවා. ඒ පිළිබද ඊමේල් මගින් විවිධ ප්‍රවෘත්ති ආයතනවලට ද ඩේවිඩ් බකෙල් දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. පරිසර සංවිධාන රැසක් සමග ක්‍රියාකාරී ලෙස කටයුතු කළ නීතිඥවරයෙකු ලෙස ද ඔහු හඳුනා ගැනෙනවා.

NO COMMENTS

LEAVE A REPLY