දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

20
0

බුදුරජාණන්වහන්සේගේ ප්‍රථම ලංකාගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි.

බුදුරජාණන්වහන්සේගේ පළමු ලංකා ගමනය සිදුවූයේ අද වැනි දුරුතු පුර පසළොස්වක පොහෝ දිනෙකයි. මහියංගනයට වැඩි උන්වහන්සේ යක්‍ෂයන් දමනය කිරීම විශේෂ සිදුවීමක්. බුදුරජානන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණයකර සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතූන් වහන්සේ මිටක් ලබාදීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේ සිදුවුණා. බුදුරජාණන්වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීමත්, බිම්බිසාර රජතුමා වේළුවනාරාමය බුදු සසුනට පූජා කිරීමත් සිදුවී ඇත්තේ අද වැනි දුරුතු පොහෝ දිනයක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

අයිටීඑන් ඔස්සේ සෑම පුන් පොහෝ දිනකම ගෙන එන සවනක් රැස් වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ පන්ගහවෙල ශ්‍රී වාලුකාරාම විහාරස්ථානයේ දීයි. දාන, ශීල, භාවනා ඇතුලු පිංකම් රැසක් අද පෙරවරුවේ සිටම මෙම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. විහාරාධිපති පූජ්‍ය තුලාවල ඉන්දතිලක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදියි ම වැඩසටහන් පැවැත්වෙන්නේ.

අයිටීඑන් එෆ්එම් ගෙන එන ශාසනාලෝක වැඩසටහන ද පැවැත්වෙන්නේ පන්ගහවෙල, ශ්‍රී වාලුකාරාම විහාරස්ථානයේ දීයි. සාමනේර භික්ෂූන් වහන්සේට ධර්ම ග්‍රන්ථ පිරිනැමීම සහ උන්වහන්සේ ශාසනයට පූජාකළ දෙමව්පියන්ට උපහාර පිරිනැමීමේ පිංකමක් ද මෙහිදී සිදුකෙරෙනවා. සැදැහැවතුන් විශාල පිරිසක් අද උදෑසන පටන්ම මෙම පිංකම් සදහා එක්ව සිටිනවා.

NO COMMENTS

LEAVE A REPLY