දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතී

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතී

25
0

දිවයිනේ කාලගුණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව පවසයි.දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවති.දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.යාපනය දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර වෙරළ බඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත්  වැසි ඇති විය හැක.නැගෙනහිර,උතුරු,උතුරු මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල (මි.මි.75ක් පමණ) තරමක තද වැසි දඇති විය හැක.(ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.)

පුත්තලම සිට කොළඹසහගාල්ලහරහාමාතරදක්වාවෙරළටඔබ්බෙන්වනමුහුදුප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ‍ වල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.සුළංබස්නාහිර සිට නිරිත දක්වා වන දිශා වලින් හමනඅතරසුළගේවේගයපැ.කි.මී. 30-40 ක්පමණවේ. හම්බන්තොට සිටපොතුවිල් දක්වාවනමුහුදුප්‍රදේශවලසුළගේවේගයවිටකපැ.කි.මී. 50 දක්වා වැඩිවියහැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින්විට තරමක්රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව පවසයි.

NO COMMENTS

LEAVE A REPLY