තැපෑලෙන් එවූ රුපියල් කෝටියක ගංජා රේගු අත්අඩංගුවට

තැපෑලෙන් එවූ රුපියල් කෝටියක ගංජා රේගු අත්අඩංගුවට

18
0

ස්පාඤ්ඤයේ සිට තැපැල් මගින් මෙරටට එවා තිබූ රුපියල් කෝටියක් වටිනා ගංජා මල් තොගයක් රේගු අත්අඩංගුවට ගනු ලැබුවා.

මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරීන් හා රේගු නිලධාරීන් එක්ව සිදුකළ පරීක්‍ෂණ වලදී මෙම ගංජා මල් තොගය සොයා ගැනුනා. ගංජා මල් 1400ක් මෙසේ සොයා ගනු ලැබුවා. හසීස් ග්‍රෑම් 84ක් අඩංගු පාර්සලයක් ද සොයා ගත් බවයි රේගු නිලධාරීන් ප්‍රකාශ කළේ. ස්පාඤ්ඤයේ මැට්රින් නුවර සිට මත්තේගොඩ ප්‍රදේශයේ ලිපිනයකට මෙම මත්ද්‍රව්‍ය තැපැල් මගින් යොමු කර තිබෙනවා. එහෙත් එය ව්‍යාජ ලිපිනයකි. අයිතිකරුවන් නොමැති පාර්සල් කිහිපයක් පිළිබද අවධානය යොමු කළ තැපැල් නිලධාරීන් රේගු නිලධාරීන් හා එක්ව ඒවා පරීක්‍ෂාවට ලක්කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැණුනා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

NO COMMENTS

LEAVE A REPLY