තායිවානයට සුළි කුණාටුවක් පැමිණීමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

තායිවානයට සුළි කුණාටුවක් පැමිණීමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

12
0

තායිවානයට ඉදිරි පැය කිහිපයේ දී සුළි කුණාටුවක් පැමිණීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. තායිවාන මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී තිබෙනවා. මුහුදු රළ ඉතා උසට විහිද යන බවයි එරට වාර්තා සදහන් කරන්නේ. මේ හේතුවෙන් තායිවානයේ උතුරු ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා. කෙසේ වෙතත් මෙය ඉතා දරුණු සුළි කුණාටුවක් බවට පරිවර්තනය නොවනු ඇති බවයි එරට කාලගුණ අංශ පවසන්නේ. පැයට කිලෝමීටර් 173ක වේගයෙන් සුළං හමා යනු ඇති බවට අනතුරු අඟවනවා.

NO COMMENTS

LEAVE A REPLY