ත්‍රිකුණාමල කප්පම් සිද්ධියේ සැකකරුවන් ගැන තොරතුරු ලබා දෙන්න

ත්‍රිකුණාමල කප්පම් සිද්ධියේ සැකකරුවන් ගැන තොරතුරු ලබා දෙන්න

39
0

කප්පම් සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකාරියක හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්‍ෂා කරනවා. ත්‍රිකුණාමලයේ දී තරුණයෙකු පැහැරගෙන ගොස් රුපියල් විසිපන් ලක්‍ෂයක කප්පමක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කළා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු පිළිබඳ විමර්ශන සිදුකෙරුණා. ඉන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා. සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ත්‍රිකුණාමලය මහාමායාපුර පදිංචි බාලසක්කු හේවාගේ ඉනෝකා නිල්මිණී හෙවත් දෝණි නමැත්තිය හා තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි. ඔවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් ත්‍රිකුණාමල මූලස්ථාන පොලීසිය වෙත දැනුම් දෙන ලෙසයි පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

NO COMMENTS

LEAVE A REPLY