තරුණයින් 11දෙනාගේ අතුරුදන්වීම ගැන මුලින්ම පරික්ෂණ ආරම්භ කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය...

තරුණයින් 11දෙනාගේ අතුරුදන්වීම ගැන මුලින්ම පරික්ෂණ ආරම්භ කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව හෙළිවෙයි

9
0

2009 වසරේ තරුණයින් 11 දෙනාගේ අතුරුදන්වීම ගැන මුලින්ම පරික්‍ෂණ ආරම්භ කළේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවට මේ වන විට තොරතුරු හෙළිව තිබෙනවා. එවකට අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ විජය අමරසිංහ මහතාට මෙම පරික්‍ෂණ භාර දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.

2009 වසරේ ජුනි මාසයේ කොළඹදී තරුණයින් පැහැර ගෙන යාමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන අවස්ථාවේ ඒ පිළිබඳ පරික්‍ෂණ පවත්වා ඇත්තේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ මහතායි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග අදාළ විමර්ශන කටයුතු පිළිබඳ තමන් සාකච්ඡා කළ බව ද විජය අමරසිංහ මහතා සඳහන් කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට වාර්තාවක් ලබා දෙන ලෙසට හිටපු ආරක්‍ෂක ලේකම්වරයා තමන්ට දැනුම් දුන් බව විජය අමරසිංහ මහතා එදා විමර්ශන නිලධාරීන්ට දැනුම් දී තිබුණා. කොළඹදී පැහැරගත් මෙම තරුණයින් 11 දෙනාගෙන් තුන් දෙනෙකු මුදා ගැනීම සඳහා එවකට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස සිටි ෆීලික්ස් පෙරේරා මහතා එවකට නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට යැවූ ලිපියක් ද මේ වන විට සාක්‍ෂි ලෙස ලැබී තිබෙනවා. රජිව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලින්ගම් යන තිදෙනා තමා දන්නා බවක් එම ලිපිවලින් ෆලික්ස් පෙරේරා මහතා දැනුම් දී තිබුණා. මෙම තරුණයින් නාවික හමුදා භාරයේ සිටින බවට ෆීලික්ස් පෙරේරා මහතාට ද තොරතුරු ලැබී තිබුණු බවයි එම ලිපියේ සඳහන්වී තිබුණේ.

මේ අතර කොළඹදී අතුරුදන් වූ තරුණයින් 11 දෙනාගෙන් පස් දෙනෙකුගේ දෙමව්පියන් එක්ව කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

පෙර පුවත්

NO COMMENTS

LEAVE A REPLY