ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඇමෙරිකා බුද්ධි අංශ වෙත චෝදනා

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඇමෙරිකා බුද්ධි අංශ වෙත චෝදනා

27
0

ඇමෙරිකාවේ බුද්ධි අංශ හිට්ලර්ගේ නාසිවාදීන් ලෙස සමහර අවස්ථාවල කටයුතු කර ඇති බව ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා. ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකාවේ බුද්ධි අංශ තමා පිළිබද ව්‍යාජ තොරතුරු පවා පතුරුවා හැර ඇති බවයි ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ. ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමත් සමග එරට බුද්ධි අංශ ප්‍රධානියාව සිටි ජේම්ස් ක්ලැපර් ඉල්ලා අස් වුණා.

ඇමෙරිකාවේ බුද්ධි අංශ වෙත සෘජුව ම එරට ජනාධිපතිවරයෙකු මෙවන් චෝදනාවක් එල්ල කළ ප්‍රථම අවස්ථාව මෙයයි. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී නව ජනාධිපති ලෙස තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු බුද්ධි අංශ ජර්මනියේ නාසිවාදීන් ලෙස නම් කළා. ජර්මනියේ හිට්ලර්ගේ නාසිවාදීන් මහා මිනිස් සංහාරයක් සිදු කළ අතර බොහෝ මිනිසුන් රහසිගතව පැහැරගෙන ගොස් මරා දැමීම හෝ අතුරුදහන් කිරීම ද සිදු කළා. ගෙවුණ වකවානුව තුළ ඇමෙරිකාවේ බුද්ධි අංශ ද එවැනි ක්‍රියාකාරකම්වල නිරතව ඇති බවයි ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ. සමහර අවස්ථාවල විවිධ රටවල බුද්ධි අංශ හුදු පෞද්ගලික දේශපාලන අරමුනු වෙනුවෙන් යොදා ගත් බවට ඉතිහාසය පුරාම සාක්ෂි මුණගැසෙනවා. විරුදධවාදීන් මර්දනය සහ සත්‍ය යටපත් කිරීම සඳහා ඇමෙරිකාවේ බුද්ධි අංශ ද නාසිවාදීන් ලෙස කටයුතු කර ඇති බවටයි ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් චෝදනා එල්ල වන්නේ.

NO COMMENTS

LEAVE A REPLY