ඩෙංගු නිසා වසා දැමූ කින්නියා පාසල් යළි ඇරේ

ඩෙංගු නිසා වසා දැමූ කින්නියා පාසල් යළි ඇරේ

36
0

ඩෙංගු අවදානම හේතුවෙන් තාවකාලිකව වසා තැබුණු කින්නියා ප්‍රදේශයේ පාසල් හැටහයක් අද යළි විවෘත කෙරුණා. ප්‍රදේශය පුරා ඩෙංගු මර්දනය කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අංශ කියා සිටින්නේ.

කින්නියා ප්‍රදේශයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය වැඩිවීමත් සමග මෙම පාසැල් දින තුනක් තාවකාලිකව වසා දැමීමට තීරණය කෙරුණා. ඩෙංගු රෝගය හේතුවෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වුණා. පාසල් සිසුන් ද ඩෙංගු රෝගයට ගොදුරුවීම හේතුවෙන් පාසල් තාවකාලිකව වසා දැමුණු අතර ඒවා අද යළි විවෘත කෙරුණු බව කින්නියා කලාප කාර්යාලය සදහන් කළා.  ඩෙංගු මර්දනය සදහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ආරක්ෂක අංශ , පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද ඊට පූර්ණ දායකත්වය ලබා දී තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY