ඇමෙරිකා ජනාධිපති ධුරයට ට්‍රම්ප් සුදුසු නැහැ

ඇමෙරිකා ජනාධිපති ධුරයට ට්‍රම්ප් සුදුසු නැහැ

16
0

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය සඳහා සදාචාරාත්මක වශයෙන් සුදුසු නොවන බව එෆ්බීඅයි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෙම්ස් කොමේ පවසනවා. ඊට හේතුව ට්‍රම්ප් කාන්තාවන්ට සළකන්නේ ඉතා පහත් ආකාරයට වීම බවයි හිටපු අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජේම්ස් කොමේ පසුගිය වසරේ දී එෆ් බී අයි ආයතනයේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කෙරුණා. ඉවත් කිරීමෙන් පසු ඔහු රූපවාහිනී ආයතනයක් සමග පැවැත්වූ පළමු සාකච්ඡාවේ දීයි මේ බව සඳහන් කළේ. ට්‍රම්ප් නිරන්තරයෙන් බේගල් පවසන්නෙකු බවට ද කොමේ චෝදනා කරනවා. එසේම ඔහු රට තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ද අයහපත් බලපෑමක් එල්ල කරනු ඇති බවයි කොමේ කියා සිටින්නේ. ඔහුගේ රූපවාහිනී විවාදයට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ජේම්ස් කොමේ බොහෝ අසත්‍ය ප්‍රචාර සිදුකරන බවයි.

NO COMMENTS

LEAVE A REPLY