ජාත්‍යන්තර අභ්‍යවකාශ ඒජන්සියට නව සාමාජිකයින් දෙදෙනෙක් පිටත්ව යයි

ජාත්‍යන්තර අභ්‍යවකාශ ඒජන්සියට නව සාමාජිකයින් දෙදෙනෙක් පිටත්ව යයි

18
0

ජාත්‍යන්තර අභ්‍යවකාශ ඒජන්සියට නව සාමාජිකයින් දෙදෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා. මෙම ගඟනගාමීන් දෙදෙනා ඇමෙරිකා හා රුසියා ජාතිකයින් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. කසකස්ථානයෙන් මෙම ගඟනගාමීන් රැගත් යානය පිටත්ව ගියේ ඊයේ සවසයි. පැය පහ හමාරකට පසුව එය අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වුණා. දැනටමත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගඟනගාමීන් තුන් දෙනෙකු මාස පහ හමාරක් තිස්සේ රැඳී සිටිනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන විශේෂ පර්යේෂණ කිහිපයකට දායක වීම සඳහායි ඔවුන් පිටත්ව ගොස් ඇත්තේ.

NO COMMENTS

LEAVE A REPLY