Update: නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනේ

Update: නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනේ

14
0

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ජනපතිගේ ප්‍රධානත්වයෙන්

මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ තවත් ඉදිරි පියවරක් තබමින් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙරට සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීම මෙන්ම සයිටම් සිසුන්ට සායනික පුහුණුව සඳහා ශික්ෂණ රෝහලක අවශ්‍යතාව ද මෙමගින් සම්පූර්ණ වනවා.

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ උත්සවය එම රෝහල් පරිශ්‍රයේ දී පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුලු සම්භාවනීය පිරිසක් එක්ව සිටියා. රෝහල රජයට පවරා ගැනීම සදහා වූ ගිවිසුමට නෙවිල් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශයේ ලේකම් ජනක සුගතදාස, ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඩී එම් ගුණසේකර යන මහත්වරුන් අත්සන් තැබුවා. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ තක්සේරු වටිනාකම රුපියල් බිලියන තුනහමාර ඉක්මවනවා. මහල් හතරක ගොඩනැගිල්ලක් හා මහල් අටක ගොඩනැගිල්ලකින් එය සමන්විතයි. ශික්ෂණ රෝහලක් සදහා අවශ්‍ය සියලු නවීන පහසුකම්වලින් සමන්විතවයි එය ඉදිකර ඇත්තේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහල මෙන් අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පරිපාලන කටයුතු අගෝස්තු 1 වනදා සිට සිදු කෙරෙනවා. අති නවීන පහසුකම් සහිත මෙම රෝහලෙන් රෝගී ජනතාවට විශාල සේවාවක් ලැබෙනු ඇති. මෙම රෝහල රජයට පවරා ගැනීම තුළින් කිසිදු සේවකයෙකුට රැකියාව අහිමි වන්නේ නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී අවධාරණය කළා.සයිටම් ගැටලුවට ද මෙමගින් විසදුම් ලැබෙන බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

විදේශ අධ්‍යාපනය සඳහාරටේ මුදල් මිලියන 132කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව විදේශ රටවලට ගලා යනවා. එම මුදල ඉතිරි කර ගැනීමට නම් රට තුළ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ද ඇති ඉඩ පුළුල් කර යුතුයි. ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම අධ්‍යාපනය ශක්තිමත් කිරීම වත්මන් රජයේ අරමුණ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී සදහන් කළා. නව වෛද්‍ය විද්‍යාල තුනක් ඉදිරියේ දී පිහිටුවීමට කටයුතු යොදා ඇති බවද ඒ මහතා හෙළි කළා.

19db7e08c9a5ef23afa5c842340c8f0e_L

ජනපති ප්‍රධානත්වයෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහල අද ජනතා අයිතියට

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට සියලු කටයුතු මේ වන විට සූදානම්ව පවතිනවා. පෙරවරු 10ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුයි පවරා ගැනීම සිදු වන්නේ.

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ තක්සේරු වටිනාකම රුපියල් බිලියන තුනහමාර ඉක්මවන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. මෙම රෝහල රජයට පවරා ගැනීමත් සමග ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට සියලු කටයුතු ක්‍රියාත්මක වනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහල මෙන් අධ්‍යක්ෂ මණ්ඩලයක් හරහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පරිපාලන කටයුතු ඉදිරියේ දී සිදු කෙරෙන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුන්ට ප්‍රායෝගික පුහුණුව ලබා දීම සදහා රෝහලක් නැති බවට මෙතෙක් නැගුණු චෝදනා වලින් ද සයිටම් ආයතනය නිදහස් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අති නවීන පහසුකම් සහිත මෙම රෝහලෙන් රෝගී ජනතාවට විශාල සේවාවක් ලැබෙනු ඇති.

NO COMMENTS

LEAVE A REPLY