ජනපතිට සහ අගමැතිට අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණය දැනුම් දෙයි

ජනපතිට සහ අගමැතිට අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණය දැනුම් දෙයි

9
0

හිටපු අමාත්‍යවරයෙකු වන තිස්ස අත්තනායකට එරෙහි නඩුවේ සාක්‍ෂි ලබා දීම සඳහා ජනපතිට හා අගමැතිට ජූලි මස 17 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය දැනුම් දී තිබෙනවා.

වත්මන් ජනපතිගේ හා අගමැතිගේ අත්සන් යොදා කූඨ ලේඛනයක් පසුගිය ජනාධිපතිවරණ සමයේ මාධ්‍යයට ඉදිරිපත් කළ බවටයි තිස්ස අත්තනායකට චෝදනා එල්ල වී තිබෙන්නේ. එමගින් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක ඔහු නිරත වූ බවට චෝදනා කරමින් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. එම නඩුවේ සාක්‍ෂි ලබා දීම සඳහා ජනපතිට හා අගමැතිට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් රාජකාරි කටයුතු හේතුවෙන් ඊට සහභාගි විය නොහැකි බවට නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුවයි නැවත දිනයක් ලබා දීම සිදුකෙරුණේ. මෙම නඩුව ජූලි මස 17 වනදා සිට 28 වනදා තෙක් දිනපතා විභාගයට ගැනීමට  කොළඹ මහාධිකරණය නියෝග කළා.  එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබිර් හෂිම් ,රජයේ රසපරීක්ෂකවරයාත් ,මාධ්‍යවේදින් ඇතුළු සෙසු සාක්ෂිකරුවනුත් අද අධිකරණයේ පෙනි සිටියා.

NO COMMENTS

LEAVE A REPLY