ඡන්දයකින් තොරව සිංගප්පූරුවේ පළමු කාන්තා ජනපතිවරිය තෝරා ගනී

ඡන්දයකින් තොරව සිංගප්පූරුවේ පළමු කාන්තා ජනපතිවරිය තෝරා ගනී

22
0

සිංගප්පූරුවේ පළමු කාන්තා ජනාධිපතිවරිය ඡන්දයක් පවත්වන්නේ නැතිව තෝරා පත්කරගෙන තිබෙනවා. හලීමා යාකොබ් නමැති ඇයගේ පත්වීම පිළිගත නොහැකි බවයි සිංගප්පූරු වාර්තා සදහන් කරන්නේ. ඇය සිංගප්පුරු පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරිය ද වනවා. 63 හැවිරිදි හලීමා යාකොබ් ගේ මෙම පත්වීම නීති විරෝධී බවට චෝදනා කරමින් සමාජ ජාල මාධ්‍ය තුළ ඇයට එරෙහිව විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක වන බව සදහන්. කෙසේ වෙතත් සිංගප්පූරු නීතියට අනුව ජනාධිපතිවරයාට ඇත්තේ ඉතා සීමිත බලතල කිහිපයක්. දශක 05කට පසුව තේරී පත් වූ පළමු මැලේ ජාතික ජනාධිපතිවරිය වන්නේ ද ඇයයි.

NO COMMENTS

LEAVE A REPLY