චීනය සිය ප්‍රථම මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන යානය අභ්‍යවකාශ ගත කරයි (Video)

චීනය සිය ප්‍රථම මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන යානය අභ්‍යවකාශ ගත කරයි (Video)

33
0

චීනය සිය ප්‍රථම මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන යානය අභ්‍යවකාශ ගත කර තිබෙනවා. ටියැන්ෂු වන් නමින් හදුන්වාදී ඇති මෙම අභ්‍යවකාශ යානය කක්ෂගත කිරීම සාර්ථකව සිදුවූ බවයි එරට වාර්තා සදහන් කරන්නේ. 2020 වසරේ දී චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීමේ වැඩපිළිවෙලෙහි විශේෂ සන්ධිස්ථානයක් ලෙස බලධාරීන් මෙය පෙන්වා දෙනවා. චීනයේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ එක් පියවරක් ලෙස අභ්‍යවකාශ මෙහෙයුම් වැඩිදියුණු කිරීමට එරට ජනපති ෂී ජින්ග් පින්ග් ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා. කෙසේ වෙතත් මෙම යානය අභ්‍යවකාශ ගත කිරීම චීනය ලද ප්‍රබල ජයග්‍රහණයක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

NO COMMENTS

LEAVE A REPLY