චීනයේ ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළට

චීනයේ ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළට

14
0

මෙම වසරේ දෙවන කාර්තුව වන විට චීනයේ ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ අගයක් ගෙන ඇති බව වාර්තා වනවා. මේ වන විට එය 6.9%ක අගයක් ගන්නා බවයි ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. දේපල වෙළෙඳාම් අංශ සහ ණය ලබා දෙන්නන් වෙත දැඩි නීති රීති පනවමින් නිවාස මිල ඉහළ යාමේ ගැටලුවට පිළියම් සෙවීමට බීජිං පාලනය උත්සාහ කරනවා.

මෙම ප්‍රතිපත්ති සමග චීනයේ ආර්ථික වර්ධන වේගය මන්දගාමී වියහැකි බවයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර තිබුණේ. එහෙත් නවතම දත්ත වාර්තාවලට අනුව එය 2014 වසර වෙනුවෙන් අපේක්ෂාකර සිටි 6.5% ක වර්ධන ඉලක්කය ඉක්මවා යන බව පැවසෙනවා. පසුගිය වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත අගය වූ 6.7% ක ප්‍රතිශතය වසර 26කට පසුව එරට වාර්තා වූ දුර්වලම වර්ධන වේගය ලෙස සැලකෙනවා.

 

NO COMMENTS

LEAVE A REPLY