ගත වූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරු කිහිපයක්

ගත වූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරු කිහිපයක්

17
0

ගත වූ පැය විසිහතර තුළ රිය අනතුරු කිහිපයක්ම සිදුව තිබෙනවා. එම අනතුරුවලින් මරණ සහ තුවාලකරුවන් පිළිබද තොරතුරු වාර්තා වනවා.

මස්කෙළිය ගවරවිල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබෙනවා. පෞද්ගලික බස් රථයකට යටවීමෙන් මෙසේ මියගොස් ඇත්තේ හැටඅට හැවිරිදි කාන්තාවකි.

සමන්තුරය මයියවාඩි ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙකු මිය ගියා. පාන්, බනිස් විකුණන ජංගම රථයකින් පාන් ගැනීමට පැමිණි කාන්තාවක සමග පැමිණි කුඩා දරුවා ඊට යට වී තිබෙනවා. ඔහුගේ වයස අවුරුදු එකහමාරක්.

පදියතලාව පුළුන්ගස්මුල්ල ප්‍රදේශයේදී ද රිය අනතුරක් සිදු වුණා. ත්‍රීරෝද රථයක් පෙරළීමෙනුයි අනතුර සිදු වුණේ. ත්‍රීරෝද රථය පැද වූ තිස් දෙහැවිරිදි පුද්ගලයෙකු මෙම අනතුරෙන් මිය ගිය බවයි පොලීසිය පවසන්නේ.

NO COMMENTS

LEAVE A REPLY