කෙන්යාවේ නව මැතිවරණ නීතිවලට විරෝධය

කෙන්යාවේ නව මැතිවරණ නීතිවලට විරෝධය

15
0

කෙන්යාවේ නව මැතිවරණ නීති හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. එරට විපක්ෂ නායක රයිලා ඔඩින්ගා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ අරමුණින් පසුගියදා සිය ධූරයෙන් ඉවත් වුණා. ඊට විරෝධය පළකරමින් ඔහුගේ ආධාරකරුවන් පැවැත්වූ උද්ඝෝෂණයකට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමගයි ගැටුම් හට ගත්තේ.

නව මැතිවරණ නීති මගින් මේ මස අවසානයේ පැවැත්වෙන මැතිවරණයේදී ජනාධිපති උහුරු කෙන්යාටා හට නිතැතින්ම වාසි සහගත තත්ත්වයක් නිර්මාණය වන බවයි විරෝධතාකරුවන් පවසන්නේ. ඔඩින්ගාගේ තීරණය හේතුවෙන් එරට මැතිවරණ බලධාරීන් ද දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. පසුගිය අගෝස්තු මස 8වනදා මැතිවරණ ප්‍රතිඵලය එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කළා. ඉන් පසුව පැවැත්වෙන මැතිවරණයකට ඉදිරිපත්වීමේ අරමුණින් විපක්ෂ නායකවරයා ධූරයෙන් ඉවත් වන්නට ඇති බව පැවසෙනවා.

NO COMMENTS

LEAVE A REPLY