කුඩා ජල විදුලිබලාගාරවලට බලපත් නිකුත් කිරීමේ දී නවීන තාක්ෂණය යොදා ගත යුතු...

කුඩා ජල විදුලිබලාගාරවලට බලපත් නිකුත් කිරීමේ දී නවීන තාක්ෂණය යොදා ගත යුතු බව ජනපති පවසයි

31
0

කුඩා ජල විදුලිබලාගාර සදහා බලපත්‍ර නිකුත් කිරීමේදී නවීන තාක්ෂණය උපයෝගී කර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ගැටලු ඇති ව්‍යාපෘති හදුනාගෙන අදාළ රාජ්‍ය ආයතනවල වෙනම කමිටු පත් කරගනිමින් එම ගැටලු විසදිය යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ කුඩා ජල විදුලිබලාගාර ආශ්‍රිතව සිදු කෙරෙන පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය පිළිබද සාකච්ඡාවකදීයි. ජනාධිපති කාර්යාලයේදී එය පැවැත්වුණා. කුඩා ජල විදුලිබලාගාර මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 340ක ධාරිතාවක් එක්වනවා. එය මෙගාවොට් 550 දක්වා වර්ධනය කිරීම සදහා ගත යුතු පියවර මෙහිදී සාකච්ඡා කෙරුණා. දේශීය ජල විදුලිබලාගාර ක්ෂේත්‍රයේ ගැටලු සහ පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය සදහා නව ක්‍රමවේද හදුනා ගැනීම ආදිය කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වුණා. පාරිසරික සමතුලිතතාව රැකෙන අයුරින් සංවර්ධන කටයුතු සිදු කිරීම සදහා නව ක්‍රමවේද හදුනා ගැනීම මෙහිදී අවධානය යොමු වූ තවත් කරුණක්. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන් සහ කුඩා පරිමාණ ජල විදුලිබලාගාර සංවර්ධකයින්ගේ සංගමයේ සමාජිකයන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

NO COMMENTS

LEAVE A REPLY