කිලවායා ගිනිකන්ද සක්‍රීය වීමත් සමඟ එහි තවත් පිපිරීමක්

කිලවායා ගිනිකන්ද සක්‍රීය වීමත් සමඟ එහි තවත් පිපිරීමක්

17
0

හවායි හි පිහිටි කිලවායා ගිනිකන්ද සක්‍රීය වීමත් සමඟ එහි තවත් පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමත් සමඟ අඩි තිස්දහසක් පමණ උසට ගිනි කන්දෙන් අලු හා දුම් පිටවන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ලාවා ගැලීම වේගවත් වනු ඇති බවද සඳහන්. ගිනි කන්ද සක්‍රීයවීම ආරම්භ වූයේ මීට සති දෙකකට පෙරයි. ගිනි කන්දෙන් තවමත් නොනවත්වා ලාවා ගලායන බව ද වාර්තා වනවා. ඒ හේතුවෙන් දහස් ගණනක් ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කෙරුණා. නිවාස හා දේපල රැසකට ද හානි සිදුව ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. හවායි හි පිහිටි වඩාත් සක්‍රීය ගිනි කඳු පහෙන් එකක් වන කිලවායා ගිනි කන්ද අවසන් වරට සක්‍රීයවී ඇත්තේ 1924 වසරේදී.

NO COMMENTS

LEAVE A REPLY