කසළ තේ කිලෝ හත්දහසක් අත්අඩංගුවට

කසළ තේ කිලෝ හත්දහසක් අත්අඩංගුවට

9
0

කසළ තේ කිලෝ 7500ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හැටන් දික්ඔය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.හැටන් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. කසළ තේ ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. ආගරපතන තේ කර්මාන්ත ශාලාවක සිට දික්ඔය බටර්කැලේ ප්‍රදේශය දක්වා කසළ තේ ප්‍රවාහනය කිරීමට සැකකරුවන් සැලසුම් කර තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. කසළ තේ ප්‍රවාහනය කළ ලොරි රථය ද පොලිස් භාරයට ගැනුණා. සැකකරුවන් හැටන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

NO COMMENTS

LEAVE A REPLY