එංගලන්තයට ලකුණු 473ක් ඉලක්කයක්

එංගලන්තයට ලකුණු 473ක් ඉලක්කයක්

8
0

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අවසන්  වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කන්ඩායම කිසිම කඩුල්ලක් නොදැවී එක් ලකුණක් ලබා සිටිනවා.

දකුණු අප්‍රිකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 335 ක් රැස් කළා. ඊට පිලිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස් කර ගත හැකි වුයේ ලකුණු 205 ක් පමණයි. සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ලකුණු 343 රැස්කරමින් එංගලන්ත කන්ඩායමට ලකුණු 473ක ඉලක්කයක් ලබාදුන්නා. මේ අනුව තරගය ජය ගැනීම සදහා එංගලන්ත කන්ඩායමට ලකුණු 473ක් අවශ්‍යව තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY