උතුරු කොරියාව විනාශ කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

උතුරු කොරියාව විනාශ කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

17
0

උතුරු කොරියාව , ඇමෙරිකාවට සහ මිත්‍ර රාජ්‍යයන්ගේ ආරක්ෂාවට බලපෑම් කරන්නේ නම් උතුරු කොරියාව විනාශ කරන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දෙවන සැසිය අමතමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. සිය කතාවේදී උතුරු කොරියා නායක කිම් ජොන් උන්ග් සමච්චලයට ලක්කරමින් ට්‍රම්ප් කියාසිටියේ ‘‘රොකට් මෑන් සියදිවි හානිකර ගැනීමේ උත්සාහයක“ නිරතවී සිටින බවයි. එහිදී ඉරානය ද විවේචනය කළ ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඔවුන් මැදපෙරදිග අස්ථාවර කරන දූෂිතයා බවයි. ත්‍රස්තවාදයට සහායදීම නතර කරන ලෙසද ට්‍රම්ප් ඉරානයෙන් ඉල්ලා සිටියා. එමෙන්ම බැරැක් ඔබාමාගේ පාලන සමයේදී ඇතිකරගත් ඉරාන න්‍යෂ්ටික ව්‍යාපෘති ගිවිසුම ද ඔහුගේ විවේචනයට ලක්වුණා.

NO COMMENTS

LEAVE A REPLY