උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක්

උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක්

18
0

ජගත් සංවිධානය තම රටට නව සම්බාධක පැනවීමත් සමග ඊට ප්‍රතිචාර ලෙස ඇමෙරිකාවට දැඩි පීඩනයක් එල්ලවනු ඇති බවට උතුරු කොරියාව අනතුරු අඟවනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උතුරු කොරියා නියෝජිත හන් ටේ සොන් ඇමෙරිකාව ඇතුළු රටවල් තම රටට සම්බාධක පැනවීමට හේතුවූ චෝදනා ප්‍රතික්ෂේපකර තිබෙනවා.

සම්බාධක පැනවීමේ යෝජනාව නීතිවිරෝධී එකක් බවයි ඔහු ප්‍රකාශ කළේ. නව සම්බාධකවලට අනුව උතුරු කොරියාවට රෙදිපිළි අපනයනය කිරීම තහනම් වන අතර එරටට බොරතෙල් ආනයනය කිරීමට ද සීමා පැනවෙනවා. උතුරු කොරියාව සිදුකළ නවතම න්‍යෂ්ටික අත්හදාබැලීම් හේතුවෙනුයි මෙම සම්බාධක පැනවුණේ. මෙය ඔවුන්ගේ සයවන සහ විශාලතම න්‍යෂ්ටික අත්හදා බැලීම බව සඳහන්. ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවූ නවවන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

NO COMMENTS

LEAVE A REPLY