උඩුවේ හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග

උඩුවේ හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග

29
0

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමසිංහ වරෙන්තු නිකුත් කළා. අඛණ්ඩව දෙවතාවක් අධිකරණයේ පෙනී නොසිටීම උන් වහන්සේට එරෙහි චෝදනාවයි.

උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ වැඩ වසන පොල්හේන්ගොඩ ඇලන්මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර අවට පදිංචිකරුවන්ට පීඩාවක් වන ආකාරයට භාවිත කරන බවට වන නඩුවක් අධිකරණයේ පවතිනවා. ඒ සදහා පෙනී සිටින ලෙස අධිකරණය කළ නියෝගයයි උන් වහන්සේ කඩ කර ඇත්තේ. මෙම නඩුව අප්‍රේල් පස්වනදා යළි කැදවීමට නියමිතයි.

NO COMMENTS

LEAVE A REPLY