ඉරාන හිටපු ජනපති ජනාධිපතිවරණයට නුසුදුස්සෙකු වෙයි

ඉරාන හිටපු ජනපති ජනාධිපතිවරණයට නුසුදුස්සෙකු වෙයි

18
0

එලඹෙන මැයි මාසයේ පැවැත්වීමට නියමිත ඉරාන ජනාධිපතිවරණයට තරග කිරීමට එරට හිටපු ජනාධිපති මහමුද් අහමදිනිජාඩ් නුසුදුස්සෙකු ලෙසට ප්‍රකාශයට පත්කර තිබෙනවා. එරට මැතිවරණ අපේක්ෂකයින් ප්‍රකාශයට පත්කරන භාරකාර සභාවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. පසුගිය සතියේ එරට හිටපු ජනාධිපතිවරයා එළඹෙන ජනාධිපතිවරණයට නැවත තරග කිරීමට තීරණය කළා. මහමුද් අහමදිනිජාඩ් 2013 වසරේදී සිය ධුර කාලය අවසන් කරන විට ඉරානය තුළ අභ්‍යන්තරික, ආර්ථික සහ ජාත්‍යන්තර වශයෙන් අවුල් සහගත තත්ත්වයක් උද්ගතව තිබූ බව සඳහන්. කෙසේ වෙතත් ඔහු ජනාධිපතිධුරයට පත්වීමට එරෙහිව 2009 වසරේ විශාල මහජන විරෝධතාවක් ද ඇතිවුණා.

 

NO COMMENTS

LEAVE A REPLY