ඉරාන ඉරාක දේශ සීමා භූ කම්පනයෙන් නිවාස සංකීර්ණ 12,000ක් විනාශයි

ඉරාන ඉරාක දේශ සීමා භූ කම්පනයෙන් නිවාස සංකීර්ණ 12,000ක් විනාශයි

14
0

ඉරාන ඉරාක දේශසීමාව ආශ්‍රිතව ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් ජීවිතක්‍ෂයට පත්වූ සංඛ්‍යාව 450 ඉක්මවනවා. තුවාල ලැබූ සංඛ්‍යාව හත්දහසක්. භූ කම්පනයෙන් නිවාස සංකීර්ණ දොළොස් දහසක් ද විනාශයට පත් වුණා.භූ කම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින්නන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙම වසර තුළ ලෝකයේ ඇතිවූ දරුණුතම භූ කම්පනය මෙය ලෙසයි සැලකෙන්නේ. ඉන් ඉරාන ඉරාක දෙරටේම ප්‍රධාන රෝහල්වලට අලාභහානි සිදුවුණා. ඒ හේතුවෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම ගැටලුවක් වී ඇති බවයි වාර්තා වන්නේ. භූ කම්පනයෙන් අවතැන්වූවන් සංඛ්‍යාව හැත්තෑදහස ඉක්මවා තිබෙනවා. හානියට පත් ප්‍රදේශවලට ජාත්‍යන්තර මාධ්‍යවලට ඇතුලු වීම තහනම් කිරීමටයි ඉරාන බලධාරීන් පියවර ගෙන තිබෙන්නේ.

NO COMMENTS

LEAVE A REPLY