ඉරාන – ඉරාක දේශසීමාව අසල භූ කම්පනයෙන් ජිවිතක්ෂයට පත් වූ ගණන ඉහළට

ඉරාන – ඉරාක දේශසීමාව අසල භූ කම්පනයෙන් ජිවිතක්ෂයට පත් වූ ගණන ඉහළට

15
0

ඉරාන – ඉරාක දේශසීමාව අසල පිහිටි හලබ්ජා නගරයේ භූ කම්පනයෙන් ජිවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 348 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව පන්දහස ඉක්මවන බවයි වාර්තා වන්නේ. මෙම භූ කම්පනයෙන් හැත්තෑ දහසකට අධික පිරිසක් අවතැන්ව සිටිනවා.

භු කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ ඒකක හතයි දශම තුනක්. කඩා වැටුණු ගොඩනැගිලිවල බොහෝ පිරිසක් සිර වී සිටින බවයි වාර්තා වන්නේ. පුද්ගලයින් හැත්තෑදහසක් පමණ ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. කුවේට්, තුර්කිය සහ ඊශ්‍රායලය යන රටවලටද භූ කම්පනයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

NO COMMENTS

LEAVE A REPLY