ඉරාන – ඉරාක දේශසීමාවේ හටගත් භූ කම්පනයෙන් මියගිය ගණන 400 ඉක්මවයි

ඉරාන – ඉරාක දේශසීමාවේ හටගත් භූ කම්පනයෙන් මියගිය ගණන 400 ඉක්මවයි

10
0

පසුගිය ඉරිදා ඉරාන ඉරාක දේශසීමාව ආශ්‍රිතව හටගත් ප්‍රබල භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 400 ඉක්මවා තිබෙනවා. තුවාල ලැබූ පිරිස හත්දහස ඉක්මවන බවයි වාර්තා වන්නේ. ඉරානයේ පමණක් පුද්ගලයින් 5,341 දෙනෙකු තුවාල ලැබූ බවයි බලධාරීන් පවසන්නේ. කඩා වැටුණු ගොඩනැගිලිවල සුන් බුන් අතර සිර වී සිටින්නන් මුදා ගැනීම සදහා සහන සේවා අංශ සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටිනවා.

භූමිකම්පාව හේතුවෙන් ඉරාකයේ ඩර්බන්දිකාන් නගරයට හානි සිදු වූ බව වාර්තා වනවා. මෙම වසරේදී හටගත් දරුණුතම භූ කම්පනය ලෙසයි මෙය සැළකෙන්නේ. බටහිර ඉරානයේ කර්මන්ෂා පළාතේ සාපෝල් – ඊ – සහාබ් නගරයටද ඉන් දැඩි හානි සිදුවුණා. නගරයේ ප්‍රධාන රෝහලටද බරපතල හානි සිදුව ඇති බැවින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම ගැටළුවක් වී තිබෙනවා. මේ වන විට පුද්ගලයින් 70,000ක් පමණ අවතැන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

NO COMMENTS

LEAVE A REPLY